සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 18 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 22) දිවයිනෙන් පිටත් විය.

23 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

23 Apr 2018

නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය - 2018 ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ
 

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන 2018 නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය පසුගිය (අප්‍රේල් 21) වන දින නුවරඑළිය, ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

23 Apr 2018

නිති විරෝධී පන්න ක්‍ර‍ම භාවිතා කල ධීවරයින් අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිති විරෝධි පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14 ක් නාවික හමුදාව විසින් පසුගිය සති දෙක තුළ ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලදී.

21 Apr 2018

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති නාවික හමුදාධිපති හමුවේ
 

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන් මහතා අද (අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

20 Apr 2018

ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

පසුගිය අප්‍රේල් මස 18 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා එදින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

20 Apr 2018

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

පසුගිය අප්‍රේල් මස 17 වන දින අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය අප්‍රේල් මස 18 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් නිරාජ ආටිගල මහතා හමුවීය.

20 Apr 2018

රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 20) විශ්‍රාම යන ලදී.

20 Apr 2018

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අග්‍රාමත්‍යතුමාගේ සුරතින් අධිකාරියට
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් පස්වරු 5.30 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.

20 Apr 2018

රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 18) කොළඹ වරායට සේන්දු විය.

19 Apr 2018