සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු ‘සාගර’ නෞකාව යලි දිවයිනට
 

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවෙන් ඉන්දුනීසියා‍ව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මැයි 18) දිවයිනට ලඟා විය.

18 May 2018

නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
 

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (මැයි 18) උදෑසන වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.

18 May 2018

ඉන්දියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

17 May 2018

උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

16 May 2018

ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධිවරයින් පස්දෙනෙකු නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු (05) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අද (මැයි 15) දින සිදු කෙරිණි.

15 May 2018

ලුතිනන් කොමාණ්ඩර් සේනක වාහල ශ්‍රීලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) සේනක වාහල මහතා අද (මැයි 15) වැඩ භාර ගන්නා ලදී.

15 May 2018

ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස අද (මැයි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

14 May 2018

‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය (SLAEME) සහ ශ්‍රී ලංකා යතුරු පැදි සංගමය එක්ව සංවිධානය කරනු ලැබු ‘උඩවලව සුපර් ක්‍රොස් - 2018’ තරඟාවලිය පසුගිය මැයි 13 වන දින සෙවනගල පිහිටි ‘Craftsman’s Auto Drome’ ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත් වන ලදී.

14 May 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ සහ බලපත්‍ර රහිතව ධිවර කටයුතුවල නිරතවිම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

14 May 2018

මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරිණියන් තිදෙනෙක් සහ සේවා ප්‍රවේශ නිලධාරින් හයදෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් දන්ත වෛද්‍ය අංශයට අයත් නිලධාරිණියන් තිදෙනෙකු (03) සහ 2017 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් හයදෙනෙකු (06) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මැයි 11) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

11 May 2018