N95 මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත භාර දෙයි

නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි.
19 Dec 2020
නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද 787 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2020 දෙසැම්බර් මස 16 වන දින අම්පාර හුලංනුගේ දී ජනතා අයිතියට පත් කෙරිණි.
19 Dec 2020
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 62 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම 2020 දෙසැම්බර් මස 12 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
13 Dec 2020
අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex), නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2020 දෙසැම්බර් 12) ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
12 Dec 2020
නාවික හමුදා නිලධාරීන් 23 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්න කල දාහතරවන වන (14) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී 2020 දෙසැම්බර් මස 11 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.
12 Dec 2020
අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් වෙතින් සුභපැතුම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70වන නාවික හමුදා සංවත්සරය 2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශකයින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
10 Dec 2020
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය අද (දෙසැම්බර් 9) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 70 වන සංවත්සරයට සමගාමීව, මෙවර “මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 09 වන දින සිට 13 වන දින දක්වා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී පවත්වනු ලබන නෞකා දැක්ම මඟින්, නෞකාවන්ගේ හැකියාවන් සහ භාවිතය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද කටයුතු සූදානම් කර ඇත.
09 Dec 2020
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දාහතරවන (14) පාඨමාලාව ඇමතීම සඳහා අද (2020 දෙසැම්බර් 07) සහභාගී විය.
07 Dec 2020
රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ අද (2020 දෙසැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
04 Dec 2020
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) 2020 දෙසැම්බර් 01 දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා හමු විය.
02 Dec 2020