ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා අද (පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
07 Feb 2019
නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (පෙබරවාරි 07) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක, ගරු කරු ජයසූරිය මහතා හමු විය.
07 Feb 2019
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමා ඇතුළු දූත පිරිසක් ඉන්දියානු නාවික හමුදාවේ සංචාරයක

ඉන්දියානු නාවික හමුදාවේ අරාධනයකට අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාය මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිතයින් පිරිසක් පසුගිය ජනවාරි 21 සිට 25 වන දින දක්වා ඉන්දියානු නාවික හමුදාවට අයත් විද්‍යාපිඨයන්හි සංචාරයක නිරත විය.
07 Feb 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ පීඩන බෝම්බයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (පෙබරවාරි 06) ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.
06 Feb 2019
ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (පෙබරවාරි 06) දින සිය මිණුම් කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
06 Feb 2019
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 05) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
06 Feb 2019
රියර් අද්මිරාල් රසික දිසානායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රසික දිසානායක මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින(පෙබරවාරි 04) විශ්‍රාම යන ලදී.
04 Feb 2019
නාවික හමුදාව ජාතික දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

71 වන ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.
04 Feb 2019
71 වන ජාතික දින සැමරුම් උත්සවය

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 71 වන ජාතික දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.
04 Feb 2019
තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් යලි එරටට භාර දීම ඊයේ (පෙබරවාරි 03) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.
04 Feb 2019