ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
11 Dec 2019
කපිතාන් ප්‍රභාත් රතුගමගේ ශ්‍රීලංනානෞ ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ප්‍රභාත් රතුගමගේ 2019 දෙසැම්බර් මස 10 වන දින වැඩ භාර ගන්නා ලදී.
11 Dec 2019
ශ්‍රීලංනානෞ ‘සුරනිමිල’ සහ ශ්‍රීලංනානෞ ‘නන්දිමිත්‍ර’ නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 දෙසැම්බර් 09 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.
10 Dec 2019
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ත්‍රිකුණාමලයට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 දෙසැම්බර් 10) දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව හරසරින් යුතුව එම නෞකාව පිළිගන්නා ලදී.
10 Dec 2019
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 09 වන දින බටහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
10 Dec 2019
කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 10) චාවකච්චේරිය, පල්ලිකුඩා ප්‍රදේශයේදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
10 Dec 2019
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට (දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.
10 Dec 2019
ශ්‍රීලංනානෞ ‘කංචදේව’ ආයතනය සහ ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාව සිය සංවත්සරික දිනයන් අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සහ නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව සංවත්සරික දිනය අද (2019 දෙසැම්බර් 09) අභිමානවත් ලෙස සමරන ලදි.
09 Dec 2019
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 09) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
09 Dec 2019
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 09) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
09 Dec 2019