පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 15 වන දින ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් සොයා ගෙන ඇත.

16 Dec 2019

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 15 වන දින මෝදර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී දේශීය ගංජා ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත.

16 Dec 2019

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 15 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.

15 Dec 2019

නීල හරිත සංග්‍රාමය - වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීමේ නාවික හමුදා මෙහෙයුම

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්‍ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 14 වන දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

15 Dec 2019

කේරළ ගංජා ගෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 14 වන දින යාපනය, චෙඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

15 Dec 2019

ගාල්ල වරාය පිවිසුමේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගනී

ගාල්ල වරාය පිවිසුම් මුහුදේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට 2019 දෙසැම්බර් 14 වන දින නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

15 Dec 2019

නාවික හමුදා යුදායුද ‍ඉංජිනේරු තාක්‍ෂණයේ ඉදිරි ‍පියවරක්

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සතු 40 මිමි/එල්60 අවි පද්ධතිය හැසිරවිම පුද්ගල අධාරයෙන් සිදු වූ අතර, එම පද්ධතිය නාවික හමුදා යුදායුද ඉංජිනේරු තාක්‍ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රමය හරහා ස්වයංක්‍රියව ක්‍රියා කරවීමට ‍ කටයුතු කරන ලදී.

13 Dec 2019

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි

13 Dec 2019

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 12 වන දින මන්නාරම, තොඩ්ඩවේලි ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 450 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

13 Dec 2019

ආරක්‍ෂක ලේකම් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වීය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු යුද්ධ සහ ගුවන් හමුදාධිපතිවරු සහභාගි වී සිටියහ.

13 Dec 2019