නාවික හමුදාධිපතිතුමා වයඹ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 11 සහ 12 යන දෙදින තුල වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද එතුමා වෙත පුද කෙරිණි.

12 Feb 2020

ගැඹුරු මුහුදේ සිදු කෙරෙන අපරාධ මැඩලීම පිලිබඳ සාකච්ඡාවක් නාවික හමුදා මෙහෙයවීමෙන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා සැක සහිත යාත්‍රා සම්බන්ධ අභියෝග’ යන තේමාවෙන් යුත් බහු පාර්ශවික සාකච්ඡා වැඩසටහනක් 2020 පෙබරවාරි 10 වන දින කොළඹ පිහිටි ප්‍රදීපාගාර අවහන්හල පරිශ්‍රයේදී සාර්ථකව නිම විය.

12 Feb 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාසත්කාරක වැඩසටහනක් 2020 පෙබරවාරි 11 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

12 Feb 2020

බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව 2020 පෙබරවාරි 11 වන දින මන්නාරම, පල්ලෙමුණේ වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

12 Feb 2020

කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 11 වන දින මූතූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

12 Feb 2020

පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 773 දෙනෙකු නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය යටතේ මේ දක්වා නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 773 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත.

12 Feb 2020

කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 11 වන දින ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

12 Feb 2020

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2020 පෙබරවාරි 10 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.

11 Feb 2020

නාවික හමුදාව විසින් හීරල්ලුගම මහ වැව ජපන් ජබර ඉවත් කර පිරිසිදු කරන ලදි.

මැදවච්චිය, තුලාන හීරල්ලුගම මහ වැව 2020 පෙබරවාරි 09 වන දින නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ජපන් ජබර ඉවත් කර ජනතාවට පරිහරණය කිරීමට හැකි වන පරිදි පිරිසිදු කරන ලදි.

11 Feb 2020

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර ඇත.

10 Feb 2020