නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 17) අළුයම අරිප්පු, නැගෙනහිර වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

17 Oct 2019

හත්වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ක්‍රීඩා උළෙල සඳහා නාවික හමුදා කණ්ඩායම එක්වෙයි

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (Council International Military Sports) මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කොමදෝරු ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (ඔක්තෝබර් 16) උදෑසන චීනයේ, වුහාන් බලා දිවයිනෙන් පිටත්ව යන ලදී.

17 Oct 2019

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දහනව දෙනෙකු (19) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 16 වන දින ත්‍රිකුණාමලය නගරය ආසන්න මුහුදු තීරයේ, චෙම්ම‍ලේ මුහුදු ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දහනවදෙනෙකු (19) නාවික හමුදා බාරයට ගෙන ඇත.

17 Oct 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු නාවික හමුදා බාරයට

එම ධීවරයින් වයස අවුරුදු 31 ත් 34 ත් අතර වියෙහි පසුවන අතර, ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදෙන ලදී.

17 Oct 2019

අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි කිමිඳුම් කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 16) අළුයම කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය අසල මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අනවසර ධීවර කටයුතු වල නිරත වු කිමිඳුම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.

16 Oct 2019

ලෝක ඕසෝන් දිනය වෙනුවෙන් නාවික හමුදාව කඩෝලාන පැල 2000 ක් සිටුවයි

නාවික හමුදාව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට අයත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වායු සම්පත් කළමනාකරණය සහ ඕසෝන් ඒකකය හා ධීවර සංගම් එක්ව 2019 ඔක්තෝබර් 15 වන දින ත්‍රිකුණාමලය, සාලි කලපුවේදී කඩොලාන පැල 2000 සිටුවිමට කටයුතු කරන ලදී.

16 Oct 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ ආයතනය සිය 62 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ ආයතනයේ 62 වන සංවත්සරය 2019 ඔක්තෝබර් 15 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

16 Oct 2019

මන්ඩතිව් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 15 වන දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.

16 Oct 2019

නාවික හමුදාව විසින් ගෝපාල්පුරම් ප්‍රදේශයේදී තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 15 වන දින ත්‍රිකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

16 Oct 2019

කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 15 කුඩාවැල්ල, ධීවර වරාය ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා ග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

16 Oct 2019