සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 18 සහ 19 උතුරු නාවික විධානය සහ දකුණු නාවික විධානය ‍ කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

20 Jul 2020

නාවික හමුදාව කජු පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹයි.

නාවික හමුදාව 2020 ජුලි මස 19 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍රකර ගනිමින් කජු පැළ සිටුවීමේ මහාපරිමාන ව්‍යාපෘතියේ ප්‍රථම අධියර ආරම්භ කරන ලදි.

20 Jul 2020

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 18 වන දින සිලාවතුර, අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

19 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහලෙන් පිටව යයි - සුව වූ මුළු ගණන 903ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 18 වන දින අදාල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

19 Jul 2020

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

18 Jul 2020

කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 17 වන දින මතුගම, අගලවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි.

18 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහල්වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 901ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 17 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

18 Jul 2020

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 24 දෙනෙක් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙක් 2020 ජුලි මස 15, 16 සහ 17 වන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

18 Jul 2020

කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජුලි 17 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

18 Jul 2020

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 16 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු ඉදිරි මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 14 ක් සහ ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

17 Jul 2020