ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 24) නාවික හමුදා බාරයට ගන්නා ලදී.

24 Jul 2019

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 24 වන දින ඉරනතිවු දූපතේ සිදු කළ වැටලීමකිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Jul 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව 2019 ජූලි 23 සහ 24 යන දෙදින කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත් විය.

24 Jul 2019

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 24) අළුයම පේසාලේ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Jul 2019

දික්ඕවිට සහ නොරොච්චොලේදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 24 වන දින දික්ඕවිට සහ පුත්තලම යන ප්‍රදේශයන්හී සිදු කළ සෝදිසි කිරීම්වලදි මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Jul 2019

නික්ම යාමට නියමිත ජපාන ආරක්‍ෂක උපදේශක බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කපිතාන් අට්සුහිරෝ මොරොරෙ අද (ජූලි 24) බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමු විය.

24 Jul 2019

නීති විරෝධි ලෙස පුද්ගලයෙකු ලඟ තබා ගත් කැස්බෑවෙකු සාගරයට මුදා හැරීමට නාවික හමුදා දායකත්වය

නීති විරෝධි ලෙස පුද්ගලයෙකු විසින් ලඟ තබා ගන්නා ලද කැස්බෑවෙකු මල්ලාකම්, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාගරයට මුදා හැරීමට 2019 ජූලි 23 වන දින නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

24 Jul 2019

නව මුහුණුවරකින් යුතුව ‘සයුරුසර’ සඟරාවේ 39 වන කලාපය එළිදකී

නව මුහුණුවරකින් එළි දැක්වූ ‘සයුරුසර’ සඟරාවේ 39 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2019 ජූලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගැන්විණි.

23 Jul 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 717.82 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 23 වන දින තලෙයිමන්නාරම, වැලිපර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ තොගයක් සොයා ගෙන ඇත.

23 Jul 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 22 වන දින ත්‍රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට ගෙන ඇත.

23 Jul 2019