නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 22) දින මඩකළපුව, කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

22 Jan 2019

‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජනවාරි මස 19 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 42 දෙනෙකු රුවල් යාත්‍රා 24 ක් සමඟින් සහභාගී වන ලදී.

22 Jan 2019

දකුණු නාවික විධානය භාර ආඥාපති දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි
 

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඊයේ (ජනවාරි 21) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර, ගරු කීර්ති තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

22 Jan 2019

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 09 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 09 ක් යලි එරටට භාර දීම ඊයේ (ජනවාරි 20) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

21 Jan 2019

නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (ජනවාරි 20) ත්‍රිකුණාමලය, බැක්බේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 43 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

21 Jan 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 19) දින මඩකළපුව, කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

20 Jan 2019

කැලෑව තුළ සඟවා සිටි කැස්බෑවෙකු නාවික හමුදාව සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 19) සිදු කළ සෝදිසි කිරීමකදී ගුරුනගර් ධීවර වරායට මිටර් 500 ක් ගිණිකොණට වන්නට වූ කැලෑව තුළ සඟවා සිටි ජීවී කැස්බෑවෙකු සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

20 Jan 2019

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස තවදුරටත්
 

පසුගිය ජනවාරි 16 වන දින ආරම්භ කරන ලද සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනේ ප්‍රයෝගික අභ්‍යාස පසුගිය දෙදින පුරා කලා ඔය මෝය ආශ්‍රිතව පැවැති අතර, එළඹෙන ජනවාරි 23 වන දින ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී අවසන් අභ්‍යාසය පැවැත්විමට පැවැත්වීමට නියමිතව ඇත.

19 Jan 2019

නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 18) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

19 Jan 2019

මුහුදේදී රෝගාතුර වූ විදේශ මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ජර්මනියට අයත් ඇමේඩියා (Amadea) නම් මඟි ප්‍රවාහන නෞකාවේ සිටි රෝගාතුර මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ජනවාරි 18) කටයුතු කරන ලදී.

19 Jan 2019