අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරීන් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (ජනවාරි 25) කන්දල්කාඩු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

26 Jan 2019

ශ්‍රී ලංකා වෙළාරක්‍ෂක බලකායට ඕස්ට්‍රේලියාවෙන් යාත්‍රා ත්‍රිත්වයක් ප්‍රදානය කෙරේ
 

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී.

25 Jan 2019

නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය ජනවාරි 21 සහ 22 වන දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

25 Jan 2019

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (ජනවාරි 24) පලෙයිතිව් දුපතට නාවික සැතපුම් 01 නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2019

කළු ග‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනේ
 

දකුණු කළුතර පොලිසිය විසින් කළ ඉල්ලිමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් පිරිසක් විසින් ඊයේ සන්ධ්‍යාවේ (ජනවාරි 24) කළු ග‍ඟේ උතුරු පාලම අසල දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් විය.

25 Jan 2019

නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (ජනවාරි 24) කන්තලේ දෙහිවත්ත ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2019

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 05 ක් යලි එරටට භාර දීම ඊයේ (ජනවාරි 23) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

24 Jan 2019

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 22 වන දින අම්බාන් ප්‍රදේශයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

24 Jan 2019

කොළඹ නාවික අභ්‍යාසය 2019
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව ඇත.

23 Jan 2019

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් පසුගිය ජනවාරි මස 16 වන දින පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කළ අතර, දින 08 ක් පුරා පැවැති මෙම වැඩසටහන අද (ජනවාරි 23) දින සාර්ථක ලෙස නිමාවට පත් විය

23 Jan 2019