කොළඹ නාවික අභ්‍යාසය - CONEX සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) අද (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්විය.

29 Jan 2019

වැලි ජාවාරම්කරුවන් මැඩපැවැත්විමට කටයුතු කරන නාවික හමුදා මෙහෙයුම්
 

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිතුමාගේ සහ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සහ දුෂණ මැඩපැවැත්විමට නාවික හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව පසුගිය දිනවල කන්දකාඩු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්වලදි වැලි ජාවරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන නීතියේ රැහනට හසු කර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

29 Jan 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (ජනවාරි 28) පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි ප්‍රදේශයේ නිවසක වහලක් තුළ සඟවා තිබියදි සොයා ගෙන ඇත.

28 Jan 2019

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජනවාරි 28) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

28 Jan 2019

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2019 සඳහා නෞකා සහ යාත්‍ර‍ා 17 ක් එක්වෙයි.
 

‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 26) දින සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේදි පැවැත්වූ අතර, අද (ජනවාරි 27) වන දින කොළඹට නුදුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත, රත්නදීප යන නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් 09 ක් සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් මෙම අභාස්‍ය සඳහා සහභාගී වන ලදී.

27 Jan 2019

ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණුවක් හික්කඩුව මුහුදේදී.
 

ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව අද (ජනවාරි 27) හික්කඩුවට බටහිරින් වු මුහුදේ දී ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්විය.

27 Jan 2019

234 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 329 දෙනෙකු විසිර යති.
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 234 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 329 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (ජනවාරි 26) විසිර යන ලදී.

27 Jan 2019

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 13 ක් යලි එරටට භාර දීම ඊයේ (ජනවාරි 26) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

27 Jan 2019

කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2019 ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේදී ආරම්භ කෙරේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise – CONEX 19) අද (ජනවාරි 26) ආරම්භ කෙරුණු අතර, එය ජනවාරි 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

26 Jan 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 25) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

26 Jan 2019