නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය.

13 Nov 2018

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී
 

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය ඊයේ (නොවැම්බර් 11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

12 Nov 2018

ඩයලොග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාව ඉදිරිපත් වූ පළමු තරඟයෙන් තියුණු ජයක්
 

ඩයලොග් රග්බි තරඟාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම ඉදිරිපත් වූ පළමු තරඟය ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර පසුගිය නොවැම්බර් 09 වන දින කොළඹ පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 ට 23 ක් වශයෙන් තියුණු ජයක් තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් විය.

12 Nov 2018

තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 10) ඌරුමලෙයි සහ තලෙයිමන්නාරම අතර ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පාමුර සංචාරයකදී පඳුරක් අතර අසුරණ 04 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.84 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

11 Nov 2018

අධික වර්ෂාව හේතුවෙන් කල්මුණේ ප්‍රදේශයට නාවික හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්
 

පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටි කල්මුණේ, තිරවන්තියන්මඩු ප්‍රදේශයේ ජනතාව සඳහා ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ප්‍රවාහන පහසුකම් සලසා දිමට කටයුතු කරන ලදී.

11 Nov 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 බුස්සේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 පසුගිය නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා බුස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

10 Nov 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (නොවැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

09 Nov 2018

අසාධ්‍ය ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට පසුගිය නොවැම්බර් 05 වන දින ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

07 Nov 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 ක් නාවික හමුදා භාරයට පත් විය.

06 Nov 2018

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 19 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

05 Nov 2018