කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා අද (සැප්තැම්බර් 14) වැඩ භාර ගන්නා ලදී.

14 Sep 2018

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2018 සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) ඊයේ (සැප්තැම්බර් 13) සාර්ථකව නිමාවට පත්විය.

14 Sep 2018

ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

කැළණිය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 12) පැවති 2018 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී.

13 Sep 2018

ශ්‍රීලංනානෞ ‘රණරිසි’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (එඑස්ඩබ්) ප්‍රදීප කොඩිප්පිලි මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (එඑස්ඩබ්) ප්‍රදීප කොඩිප්පිලි මහතා අද (සැප්තැම්බර් 13) වැඩ භාර ගන්නා ලදී.

13 Sep 2018

මුහුදට මුසු වූ ‍තෙල් ඉවත් කළ නාවික හමුදා මෙහෙයුම
 

උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඇති ඉන්ධන නලයක පසුගිය සැප්තැම්බර් 08 වන දින තෙල් කාන්දුවීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් දික්ඕවිට වෙරළ තීරය ආශ්‍රිතව තෙල් එක් රැස්වීමක් නිරික්‍ෂණය කරන ලදී.

13 Sep 2018

මුහුදේදී අනතුරට පත් ධීවරයින් සොයා ගිය නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (සැප්තැම්බර් 12) ගාල්ලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවර යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

12 Sep 2018

නාවික හමුදා 422 වන ප්‍රති ආශ්‍රැත යන්ත්‍රය වීර මොහාන් ජයමහ විදුහලට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (සැප්තැම්බර් 11) දින නිමාවට පත් විය.

12 Sep 2018

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 12) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය.

12 Sep 2018

ලෝක කැරම් ශූරතාවය සඳහා සහභාගී වූ නාවික හමුදා සාමාජිකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නාවික හමුදාව නියෝජනය කළ සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයා සහ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා ක්‍රීඩිකාව අද (සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවීය.

12 Sep 2018

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත අද (සැප්තැම්බර් 12) ප්‍රදානය කරන ලදී.

12 Sep 2018