අන්තර් විධාන රග්බි තරඟාවලිය වැලිසරදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය 2018 මැයි මස 18 වන දින සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

22 May 2018

නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

21 May 2018

ජාතික බීච් වොලිබෝල් තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

ජාතික බ්ච් වොලිබෝල් තරඟාවලිය 2018 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ බීච් වොලිබෝල් පිටියේදී පසුගිය මැයි 19 වන දින නිමාවට පත් වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමින් කාන්තා ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

21 May 2018

ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

2018 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

20 May 2018

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් පිදුම් ලබයි
 

ජාතික රණවිරු දිනයට සමගාමීව, වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

20 May 2018

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති
 

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 25 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් විසි දෙදෙනෙකු (22) සහ එක් (01) නිලධාරියෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (මැයි 19) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

19 May 2018

සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු ‘සාගර’ නෞකාව යලි දිවයිනට
 

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවෙන් ඉන්දුනීසියා‍ව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මැයි 18) දිවයිනට ලඟා විය.

18 May 2018

නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
 

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (මැයි 18) උදෑසන වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.

18 May 2018

ඉන්දියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

17 May 2018

උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

16 May 2018