මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස
 

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම අද (පෙබරවාරි 20) නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

20 Feb 2018

බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල විවෘත කෙරේ
 

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල අද (පෙබරවාරි 20) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

20 Feb 2018

පුහුණුවන නිලධාරීන් දෙමාපිය දිනය උත්කර්ශවත් අයුරින් සමරයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන 58, 59 සහ 60 වන නිලධාරී බඳවා ගැනීම් වලට අයත් ශිෂ්‍යභට සහ මධ්‍ය නිලධාරීන් පසුගිය පෙබරවාරි මස 12 වන දින විද්‍යාපීඨ දෙමාපිය දිනය ඉතා උත්කර්ශවත් අයුරින් සමරන ලදී.

20 Feb 2018

කොමාණ්ඩර් ලංකානාථ දිසානායක ශ්‍රිලංනා‍‍නෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා අද (පෙබරවාරි 19) වැඩ භාර ගන්නා ලදී.

19 Feb 2018

රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා අද (පෙබරවාරි 19) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

19 Feb 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉරාන නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය පෙබරවාරි මස 16 වන දින මෙරටට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (පෙබරවාරි 19) සාර්ථක සංචාරයකින් අනතුරුව දිවයිනෙන් පිටත් විය.

19 Feb 2018

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2018 සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
 

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2018 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.

18 Feb 2018

ශ්‍රී ලංකා සහ ඉරාන නාවික හමුදා කණ්ඩායම් අතර සුහද පාපන්දු තරඟයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (පෙබරවාරි 16) කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ නෞකාවන්හි පාපන්දු කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහද පාපන්දු තරඟයක් පවත්වන ලදී.

17 Feb 2018

ගාල්ල කොටුව පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
 

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු කොටුව තුල කැලිකසල එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ඒ අනුව දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් එම ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 17) ක්‍රියාත්මක කරන ලදි.

17 Feb 2018

ඩයලොග් කිලිෆඩ් කුසලාන රග්බි තරඟාවලියේදී නාවික හමුදාවට ජයක්
 

ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (පෙබරවාරි 16) රේස්කෝස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 - 28 ක් වශයෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

17 Feb 2018