නාවික හමුදාව අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

කොළඹ වරායට අයත් ‘Allfones’ යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයෙකු වෙනත් නෞකාවක් වෙත මාරු වීමට යාමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති අතර, එම නාවිකයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 02) කටයුතු කරන ලදී.

02 Jan 2018

තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීමට කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි
 

උදා වූ 2018 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

02 Jan 2018

නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත වැල්ලවත්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 01) වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අධික වටිනාකමකින් යුත් ටයිටන් වර්ගයේ වාලම්පුරියක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Jan 2018

නාවික හමුදාධිපතිතුමන් නව වසරේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මහත්මිය අද (ජනවාරි 01) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නා ලදී.

01 Jan 2018