ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දීය නාවික හමුදා කර්ච් නෞකාව කොළඹ වරායට පැමිණේ
 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් කර්ච් නෞකාව අද (27) කොළඹ වරායට සේන්දු විය.

27 May 2017

13 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 13 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 25 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යෑම ඊයේ (26) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී සිදු කෙරුණි.

27 May 2017

සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් යලි දිවයිනට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් සිය සිංගප්පූරු නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (25) නැවත කොළඹ වරායට සේන්දු විය.

25 May 2017

කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ සම්මන්ත්‍රණය කොළඹ දී පැවැත්වේ
 

කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ සම්මන්ත්‍රණය අද දින (24) කොළඹ ලයිට් හවුස් ගැලි හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදි.

24 May 2017

ප්‍රථම නාවික හෙද පුහුණු පාඨමාලාවේ හෙද හිස්වැසුම් පැළඳවීම
 

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට පවත්වන ලද හෙද හිස්වැසුම් පැළඳවීමේ උත්සවය අද (24) දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

24 May 2017

ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව සාර්ථක සංචාරයෙන් පසු කොළඹ වරායෙන් පිටත්ව යයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයකින් පසු අද (24), කොළඹ වරායෙන් පිටත්ව යන ලදී.

24 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මහබාගේ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (23) රාගම, දෙල්පේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 May 2017

අනවසරයෙන් මෙරට මුහුදු සිමාවට ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (23) කෝවිලන් සිට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් (DHOW) අත්අඩංගුවට ගන්නා ලදී.

24 May 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙ‍යුමකදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 May 2017

නීති විරෝධී ගංජා හේන් දෙකක් සහ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව කතරගම, දඹේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී.

22 May 2017