පුහුණු සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් දර්ශක් නෞකාව කොළඹ වරායට
 

ඉන්දීය නාවික හමුදාවට අයත් “දර්ශක්” නෞකාව අද (27) පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

27 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

26 Mar 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළාරක්ෂ බළකායට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (25) ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගන්නා ලදී.

26 Mar 2017

නාවික හමුදාව ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් රුපියල් බිලියන 3 ක ආදායමක් උපයයි
 

මීට මාස 16 කට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගත් අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 ක ආදායමක් රජයට උපයාදී ඇත.

26 Mar 2017

දෙවන සැපයුම් සමුළුව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමා වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ 2017 සැපයුම් සමුළුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (24) පැවැත්විණි.

24 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

24 Mar 2017

ලීමා 2017 ජාත්‍යන්තර නෞකා සංදර්ශනය සහ ආහාර ප්‍රදර්ශනයේදී සයුර නෞකාව විශේෂ ඇගයුමකට
 

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017 ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ (23) පැවැත්වුණු නෞකා දැක්ම (Fleet Review) හා ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා සයුර නෞකාව ද එක්විය.

24 Mar 2017

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමු වේ
 

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂ ගරු මසාටෝ සගිසාකා මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Mar 2017

චීන තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද යුද, නාවික, ගුවන් උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා මහජන චීන සමූහ ආණ්ඩු තානාපති කාර්යාලයේ යුද, නාවික, ගුවන් උපදේශක වශයෙන් නව පත්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Mar 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2017