ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදාවට අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක්
 

ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදා කිමිදුම් අංශය සඳහා අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක් කොළඹ ලයිට් හවුස් අවන් හලේදී අද (29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ප්‍රදානය කරන ලදී.

29 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

29 Mar 2017

ශ්‍රී ලංකා සහ ඇමරිකානු මැරීන් සෙබළුන් අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘කොම්ස්ටොක්’ යුද නෞකාව දින 4 ක පුහුණු සංචාරයක් සඳහා ඊයේ (27) කොළඹ වරායට සේන්දු විය.

28 Mar 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව කළ වැටලීමකදී අද (28) කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

28 Mar 2017

රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

අධ්‍යක්ෂ සාගරික ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ, එම්බීඒ, බීඑස්සී (ඉංජි) , සීඊඑන්ජී, එම්අයිඊ (ශ්‍රී ලංකා) මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී.

28 Mar 2017

නාවික හමුදාධිපතිතුමාගේ ගිණිකොන නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

27 Mar 2017

තංගල්ල නව නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තංගල්ල පරණ උසාවි ගොඩනැගිල්ල නවීකරනය කරමින් ස්ථාපනය කරන ලද නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

27 Mar 2017

ඇමරිකානු නාවික හමුදාවේ "කොම්ස්ටොක්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “කොම්ස්ටොක්” යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

27 Mar 2017

ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (26) ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

27 Mar 2017

නාවික හමුදා තොරතුරක් මත හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින් සපයන ලද ‍තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) වැල්වැටිතුරේයි ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

27 Mar 2017