නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඊයේ (15) උදෑසන මඩකලපුවේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

16 Aug 2016

ප්‍රංශ නාවික හමුදාවේ “රෙවි” යුද නෞකාව ත්‍රිකුණාමලයට පැමිණෙයි
 

ප්‍රංශ නාවික හමුදාවට අයත් “රෙවි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

15 Aug 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් පමුණුගම හි පිහිටි, ශ්‍රීලංනානෞ කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) වත්තල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

13 Aug 2016

නාවික හමුදාව විසින් හම්බේගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් හම්බේගමුව ජනතානගේ ප්‍රයෝජනය සඳහා හම්බේගමුව පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) ඊයේ (12) වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

13 Aug 2016

අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2016
 

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2016 අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය අගොස්තු මස 12 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

13 Aug 2016

කථික තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නාවික හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කළ නාවික හමුදා ප්‍රථම කථික තරඟාවලිය ඊයේ (12) නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

13 Aug 2016

දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ඊයේ (11) පැවැති දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ 4 වන ගුණානුස්මරණ දේශනයට සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ එම මහත්මිය සහභාගී විය.

12 Aug 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.5 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් පුත්තලම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ස්ථාන දෙකකදී කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

12 Aug 2016

ශ්‍රි ලංකා නාවික ඉතිහාසයේ ප්‍රථම වරට නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු පත් කෙරේ
 

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයක් මත නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ට පිළිගැනිමක් ඇති කිරීම උදෙසා, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු අද (11) දින නාවික හමුදාධිපති තුමා විසින් පත් කරන ලදී.

11 Aug 2016

පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
 

පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්, නාවික හමුදා මූලස්ථානයේදී අගෝස්තු මස 8 සහ 9 යන දෙදින තුල පැවත් විය.

10 Aug 2016