නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී ‍රෝද රථයක් පරිත්‍යාග කෙරේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනුයුක්තව සේවය කරන නායක නැවි සුනන්ද ජයලත් වෙත නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කිරීම අද (2) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි.

02 Mar 2016

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ආරාධිතයකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද (01) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

02 Mar 2016

කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින්, මන්නාරම එළුත්තූර් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 2.7ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෙබරවාරි මස 29 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

01 Mar 2016