ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍යතුමා හට නාවික හමුදාවේ ප්‍රභූ උත්තමාචාර
 
 

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජෝන් කී මහතා හට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (24) නාවික හමුදාව විසින් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ලත් සම්මාන මුරයකින් උත්තමාචාරයක් පිරිනමන ලදී.

24 Feb 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 12 දෙනෙකු ඊයේ (23) ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

24 Feb 2016

ඉන්දියානු නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීම් පරිපාලන නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීමේ පරිපාලන නිලධාරී වයිස් අද්මිරාල් ජී.එස්. පබ්බි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

23 Feb 2016

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගනිති

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (22) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

23 Feb 2016

ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයන් දෙනෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 50 ක බරකින් යුත් ජෙලට්නයිට් කූරු 500 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

23 Feb 2016

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

21 Feb 2016

2016 CISM Day ධාවන තරඟයට නාවික හමුදාව එක්වෙයි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කෙරුණු 2016 CISM Day ධාවන තරඟය (Conseil

International du Sport Militaire - CISM) අද (21) උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ලේක්හවුස් වටරවුම, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ගාලු මුවදොර, කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසලින් ගුවන් හමුදා මූලස්ථානය දක්වා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

21 Feb 2016

උතුරු නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 
 

උතුරු නාවික විධානයේ අලුතින් ඉදිකරන ලද ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය අද (20) උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් වීවෘත කෙරිණි.

20 Feb 2016

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 57ක් දිනා ගනී
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 57ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවෝ සමත් වූහ.

18 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මාම්පුරි සහ සින්නපාදු අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

17 Feb 2016