ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් සහ ඩෙල්ෆ්ට් දූපතට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jan 2016

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා සීආර් ඇන්ඩ් එෆ්සී පිල අතර අද (02) කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයේ පළමු වටයෙන් 21-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.

02 Jan 2016

දිනාගත් සාමය ආරක්ෂා කරගැනීමට සහ ජාතිය ගොඩනැගීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2016 වර්ෂයේ වැඩකටයුතු සුභ නැකතින් ආරම්භ කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

01 Jan 2016

මුතුරාජවෙල තෙල් කාන්දුවීම වැළැක්වීමට නාවික හමුදාව සහාය වෙයි
 

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේදී ඊයේ (31) උදෑසන සිදුවූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික හානිය අවම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිය.

01 Jan 2016