ජපාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Nov 2015

ශ්‍රී ලංකාවට පැමිණි හිටපු රාජකීය නාවික හමුදා නිලධාරියෙකු නාවික හමුදාධිපති විසින් උණුසුම් ලෙස පිළිගනී

රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් එම් ස්කොට් මහතා සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරතුර අද (18) නාවික හමුදා මූලස්ථානයට පැමිණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Nov 2015

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Nov 2015

පැරීසියට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නාවික හමුදාධිපති ශෝකය පළකරයි

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ අහිංසක ජනතාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා අද (17) කොළඹ, ප්‍රංශ තානාපති කාර්යාලයේදී සිය ශෝකය ප්‍රකාශ කරන ලදී.

17 Nov 2015

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවටපත් මාදගල්, කයිට්ස් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි සිවිල් වැසියන්ට නාවික හමුදාව පහසුකම් සලසයි

අධික වර්ෂාව හේතුවෙන් යාපනය කයිට්ස්, මාදගල් සහ ඉරනමඩු ප්‍රදේශයන් හි ආපදාවට ලක්වී සිටින සිවිල් වැසියන් හට ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, කංචදේව සහ අග්බෝ යන ආයතනවල නාවිකයින් විසින් පහසුකම් සැලසීය.

17 Nov 2015

ධීවර යාත්‍රාවක සිටි රෝගියකු ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහාය වේ

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (16) දහවල් ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 65ක පමණ දුරින් තිබූ “ඕෂානි 1” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා නාවික යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය.

16 Nov 2015

ගං වතුරෙන් යටවූ නච්චිකුඩා, මන්දගල් ආරු පාලමෙන් සිවිල් ජනතාව එගොඩ කිරීමට නාවික හමුදාවේ සහාය

පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නච්චිකුඩා පොලීසිය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා‍ පණ්ඩුකාභය ආයතනයේ ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝනයේ නාවික පුද්ගලයන් විසින් 2015 නොවැම්බර් මස 15 සහ 16 යන දිනයන්හිදී අයහපත් කාලගුණික තත්ව‍ය හේතුවෙන් ජලයෙන් යටවී තිබූ යාපනය-මන්නාරම (A32) ප්‍රධාන මාර්ගයේ මන්දගල් ආරු පාලමෙන් සිවිල් වැසියන් එගොඩ කිරීම සඳහා සහාය විය.

16 Nov 2015

ආරක්ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

16 Nov 2015

ගංවතුරින් විපතට පත් පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) තිරියාය, කට්ටකුලම් ප්‍රදේශයේදී ගංවතුරින් විපතට පත් පුද්ගලයන් 5 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

15 Nov 2015

ත්‍රිකුණාමල‍ වියාබ මූලස්ථානයේදී විශේෂ යාත්‍රා බලඝණ දිනය සමරයි

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ දිනය ත්‍රිකුණාමලයේ පිහිටි වියාබ මූලස්ථානයේදී අද (14) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

14 Nov 2015