උතුරේ කඨින පිංකම් 2 ක් නාවික හමුදාවේ මූලිකත්වයෙන්
 

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් පසුගිය දිනයන්හිදී කඨින පිංකම් 2 ක් පවත්වන ලදී.

14 Oct 2017

කොමාණ්ඩර් ජනිත බුද්ධික ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනිත බුද්ධික මහතා ඊයේ (ඔක්තෝබර් 13) වැඩ භාර ගන්නා ලදී.

14 Oct 2017

නාවික හමුදාධිපතිතුමන් විදේශ කටයුතු ලේකම්තුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 13) විදේශ කටයුතු අමාත්‍යංශයේදී, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ප්‍රසාද් කාරියවසම් මහතා හමුවිය.

13 Oct 2017

නාවික හමුදාධිපතිතුමන් ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය නැරඹීමට එක්වෙයි‍
 

ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය අද (ඔක්තෝබර් 13) විශේෂ කාර්යභාර අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

13 Oct 2017

දකුණු හා අග්නිදිග ආසියානු නියෝජ්‍ය ආරක්ෂක සහකාර ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා අග්නිදිග ආසියානු නියෝජ්‍ය ආරක්ෂක සහකාර ලේකම්, ආචාර්ය ජෝසෆ් ෆෙල්ටර් මහතා අද (ඔක්තෝබර් 13) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

13 Oct 2017

සේවා වනිතාවෝ ත්‍රිකුණාමලයේදී මනෝ සමාජීය වැඩසටහනක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ සංකල්පයකට සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරය්දී මනෝ සමාජීය දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

13 Oct 2017

නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ‍ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

12 Oct 2017

නෝර්වේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති, අතිගරු තෝර්බියෝන් ගස්ටඩ්සේදර් මහතා අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

12 Oct 2017

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (ඔක්තෝබර් 11) සිදු කෙරිණි.

12 Oct 2017

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක
 

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් එෆ්වී වෑන් ස්ප්‍රෑන්ග් මහතා ඊයේ (ඔක්තෝබර් 11) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

12 Oct 2017