අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (26) සිදු කළ සෝදිසි කිරීමකදී අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් (එක් පැකට්ටුවක බර ග්‍රෑම් 500) ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

26 Apr 2017

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොමදෝරු ශාහීඩ් සොහෙල් රාඕ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

25 Apr 2017

ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 7 දෙනෙකු නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද (25) දින සිදු කෙරිණි.

25 Apr 2017

සීෂෙල්ස් තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සීචෙල්ස් තානාපති අතිගරු ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා අද (24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

24 Apr 2017

ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23), කුච්චවේලි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Apr 2017

නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, නුවරඑළිය නගර සභාව සමග එක්ව සිව් වන වරටත් සංවිධානය කරන ලද නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය 2017 අද දින (22) නුවරඑළිය, ග්‍රෙගරි වැව් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Apr 2017

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Apr 2017

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2017’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2017’ ධාවන තරඟාවලිය මෙවර දියතලාව නරියා කන්ද ධාවන පිටියේ දී පැවැත්වූ අතර, එහි ඉසව් කීපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය.

23 Apr 2017

අධික වටිනාකමින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Apr 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව වත්තල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අද (22) කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

22 Apr 2017