නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 29 වන දින පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
30 Mar 2020
මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය, උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2020 මාර්තු 29) දියත් කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
29 Mar 2020
ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට උරදෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 28 වන දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (02) ස්ථාපිත කරන ලදි.
29 Mar 2020
නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජ හරණයට ලක්කරයි
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
29 Mar 2020
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු ඇසුරු කර මුහුදු ගිය ධීවරයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදා සහය.
ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.
29 Mar 2020
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා DSI ආයතනය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්යාරක්ෂක උපකරණ පරිත්‍යාග කෙරේ
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් DSI ආයතනය විසින් සෞඛ්යාරක්ෂක උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි.
29 Mar 2020
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සහ නොරොච්චෝලය පොලිසිය එක්ව 2020 මාර්තු 28 වන දින නොරොච්චෝලය, හජරවත්ත ප්‍රදේශයේ සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනක් (02) අත් අඩංගුවට ගැනීමට සමත්විය.
29 Mar 2020
නාවික හමුදාව විසින් දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනක් 2020 මාර්තු 28 වන දින රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කරන ලදි.
29 Mar 2020
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
28 Mar 2020
ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය.
නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ ජල පහසුකම් සළසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි.
28 Mar 2020