71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 30 වන දින ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ මගපෙන්වීම යටතේ, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවත්නා රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නාවික පුද්ගලයින් රැසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ පිරිසකගේ ද දායකත්වය ලබා දෙන ලදී.