ගිණිකොන නාවික විධානයේ බැඩ්මින්ටන් පුහුණු තරගාවලියක් පවත්වයි

ගිණිකොන නාවික විධානය මඟින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් සහ තරගාවලියක් 2021 දෙසැම්බර් මස 28 සිට 30 වන දින දක්වා ගිණිකොණ නාවික විධාන බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි

නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට සමඟාමීව සංවිධානය කරන ලද මෙම බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පළමු පෙළ පුහුණු කරුවකු වන ජානක ඩයස් මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩසසටහන සඳහා සමභාගී වූ ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින් අතරින් විශේෂ දක්‍ෂතා දැක්වූ ලුතිනන් ජේඑස්පීඑස් බණ්ඩාර සහ උප ලුතිනන් ඒඑච්ටීටී තාරුක යන නිලධාරීන් තරඟාවලියේ පිළිවෙලින් නැගී එන ක්‍රීඩකයා සහ වඩාත් විශ්වාසදායී ක්‍රීඩකයා ලෙස ත්‍යාග ලබා ගන්නා ලදී.