වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් සිදු කරන ලද නව ඉදිකිරිම් කිහිපයක් විවෘත කෙරේ

වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව ඉදිකිරිම් කිහිපයක් එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 23 සහ 24 යන දෙදින තුලදී විවෘත කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්විම මත වයඹ නාවික විධානයේ ආඥාපතිගේ අධික්‍ෂණය යටතේ එම විධානයේ රාජකාරි නියුතු නාවිකයන්ගේ නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් සුභසාධක පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් මෙම නව ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, නාවික ස්ථානගත කිරීම මහව ආයතනයේ ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය, ප්‍රධාන මුළුතැන්ගෙය හා පොදු භෝජනාගාරය, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නී ආයතනයේ ඉදිකරන ලද දෙමහල් කණිෂ්ඨ නාවික නිවාසය, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නාවික නිවාසය හා ප්‍රධාන මුළුතැන්ගෙය සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය 2021 දෙසැම්බර් මස 23 සහ 24 යන දෙදින තුලදී මෙලෙස විවෘත කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව සිදු කරන ලද මෙම විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු විධානයේ නාවික පුද්ගලයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.


නාවික ස්ථානගත කිරීම මහව


ශ්‍රීලංනානෞ තම්බපණ්නී


ශ්‍රීලංනානෞ ථේරපුත්ත


ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය