උතුරු මැද නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 23 වන දින පූනෑව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

24 Dec 2021

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021 දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී විචිත්‍රවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය සහභාගි විය.

24 Dec 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෝෂණ ප්‍රතිපත්තිය සහ ශරීර ස්කන්ධ දර්ශකය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්

බෝ නොවන රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 16 සහ 17 යන දිනයන්හිදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

24 Dec 2021