තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක කපිතාන් ජැකරින් කෝවර්ට් (Captain Jakarin Khowrat, RTN,) අද (2021 දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කපිතාන් ජැකරින් කෝවර්ට්, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ තායිලත්න ආරක්‍ෂක සහ නාවික උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ තායිලත්න ආරක්‍ෂක සහ නාවික උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.