සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 56 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීම (තාක්ෂණික) සහ ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 56 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම 2021 දෙසැම්බර් මස 11 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, එම විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ආරාධනයට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
12 Dec 2021