‘Compendium of Drug Seizures at Sea by Sri Lanka Navy’ ග්‍රන්ථ සංග්‍රහය එළි දැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මුහුදේදී සිදු කළ මහා පරිමාන මත් ද්‍රව්‍ය වැටලීම් අලලා ශ්‍රි ලංකා නාවික හමුදාවේ මුලිකත්වයෙන් සම්පාදනය කළ ‘Compendium of Drug Seizures at Sea by Sri Lanka Navy’ යන ග්‍රන්ථ සංග්‍රහයේ පළමු පිටපත අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිලිගැන්වීම අද (2021 දෙසැම්බර් 10) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.

10 Dec 2021

පි 627 නෞකාව සියැටැල් හිදී 71 වන ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය අභිමානවත්ව සමරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 නෞකාවේ නැව් මුළුව විසින් 2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුන 71 වන ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය ඇමෙරිකාවේ සියැටැල් හීදි අභිමානවත්ව සමරනු ලැබීය.

10 Dec 2021

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) අද (2021 දෙසැම්බර් මස 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

10 Dec 2021

නාවික හමුදා 71 වන සංවත්සරය නිමිත්තෙන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු විරෝධාර නාවික විරුවන්ට ආචාරය පුද කරයි.

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ විරෝධාර නාවික හමුදා විරුවන් සිහිපත් කිරීමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ උත්සවයක් 2021 දෙසැම්බර් මස 09 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැවිණි.

10 Dec 2021

71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, කුරුණෑගල, පොල්පිතිගමදී ජනතා අයිතියට

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා මූල්‍ය දායකත්වයෙන්, කුරුණැගල දිස්ත්‍රික්කයේ, පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාසයට අයත් තෙළඹියාව ප්‍රාථිමික විද්‍යාල භුමියේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 දෙසැම්බර් මස 09 වන දින වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේන්ද්‍ර වීරරත්නගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

10 Dec 2021