ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) අද (2021 දෙසැම්බර් මස 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම හමුව සඳහා සිය ධුරයෙන් නික්ම යාමට නියමිත බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මන් (Colonel David Ashman) ද එක්ව සිටින ලද අතර, ඔහු විසින් ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ලෙස පත් විම් ලද කර්නල් පෝල් ක්ලේටන් නාවික හමුදාධිපති වෙත හඳුන්වාදෙන ලදී. එහිදී, නාවික හමුදාධිපති විසින් නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශකවරයා ඉතා සුහදව පිලිගැනීමෙන් අනතුරුව ධුරයෙන් නික්ම යාමට නියමිත කර්නල් ඩේවිඩ් අෂ්මන් වෙත ඔහුගේ සේවා කාලය තුලදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් සහයෝග පිළිබඳව සිය කෘතඥ පුර්වක ස්තූතිය පල කරන ලදී.

තවද.මෙහිදී ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරකින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.