නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ තරුණයින්හට ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලා

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ‍ප්‍රොජෙක්ට් සංගමයේ සහයෝගයෙන් යාපනය, කරෙයිනගර්හි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ දී සංවිධානය කළ ජීවිතාරක්ෂක පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් 16 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ සහ උතුරු නාවික විදානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් 2021 දෙසැම්බර් මස 05 වන දින සිදු කෙරිණි.

උතුරු නාවික විධානය මඟින් යාපනය ප්‍රදේශයේ තරුණයන් දිරිගැන්වීමේ අරමුණෙන් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද ජීවිතාරක්ෂක ලෝකඩ පදක්කම් (Life Bronze Medallion Course) 2021/01සහ 2021/02 ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවන් 2021 ඔක්තෝබර් සහ ‍නොවැම්බර් මාසයන් තුළ දී ආරම්භ කර සති තුනක කාලසීමාවක් කරෙයිනගර්හී ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේදී පවත්වන ලදී.

ඒ අනුව, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදාගැනීම් ඒකකය විසින් පවත්වන ලද මෙම පාඨමාලා සාර්ථකව සම්පුර්ණ කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් 16 දෙනෙකු වෙත මෙලෙස සහතික පත් ප්‍රදානය කිරීම 2021 දෙසැම්බර් මස 05 වන දින සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත් වූ මෙම අවස්ථාව සදහා උතුරු විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සමන් පෙරේරා, ශ්‍රි ලංකා ජිවිතාරක්‍ෂක සංගමයේ සභාපති, ශ්‍රී ලංකා කායක් ඔරු පැදීමේ සංචිතයේ භාණ්ඩාගාරික, උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් සංගමයේ සභාපති සහ යාපනය ධීවර සම්මේලනයේ සභාපති ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.