ජාතික ආරක්ෂක විද්‍යාතනයේ ආරාධිත දේශනයක් සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති සහභාගී වෙයි

කොළඹ, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාතනයේ (National Defence College – NDC) පළමු ජාතික ආරක්‍ෂක පාඨමාළාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2021 නෙවැම්බර් මස 25 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනය ලෙස ජාතික ආරක්‍ෂක විද්‍යාතනය පසුගිය 2021 නොවැම්බර් මස 11වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාධිපති වරුන්ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

ඒ අනුව, එම විද්‍යායතනයේ ආඥාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකරගේ ආරාධනයකට අනුව “ Strategy and policy analysis of Archidamian War” යන තේමාව යටතේ මෙම ආරාධිත දේශනය ගිණිකොන නාවික විධානයේ ආඥාපති විසින් පවත් වන ලද අතර, ඒ සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පළමු පාඨමාළාවට අයත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු සහභාගී වී සිටියහ.