සිලාවතුර කොන්ඩච්චිකුඩා නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනය මඟින් පාලනය වන සිලාවතුර කොන්ඩච්චිකුඩා නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 සැප්තැම්බර් 28) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
28 Sep 2021
64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 64 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් 38 දෙනෙකු වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම අද (2021 සැප්තැම්බර් 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
28 Sep 2021
වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි කොවිඩ් සහන අරමුදල මඟින් වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රධානය කළ රෝගීන් නිරීක්ෂණ යන්ත්‍ර (Multi parameter monitor) දෙකක් (02) නාවික හමුදා වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, කොමදෝරු පීජේබී මාරඹගේ වෙත භාර දීම 2021 සැප්තැම්බර් මස 22 දින නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.
28 Sep 2021