මන්නාරම පල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මඟින් පාලනය වන මන්නාරම ප‍ල්ලේමුණෙයි නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය 2021 සැප්තැම්බර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මන්නාරම වෙරළ තීරය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මුර සංචාර සිදු කිරීමේදී පල්ලේමුණෙයි නාවික අනුකණ්ඩය තුළ කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් නොමැති වීම ආරක්‍ෂක මුර සංචාර කාර්යක්‍ෂමව සිදු කිරීමට බාධාවක්ව පැවතිණි. ඒ අනුව, කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් ඇති කිරීම උදෙසා නාවික හමුදා දායකත්වයෙන් කඩිනමින් ඉදිකිරීම් අවසන් කරන ලද මෙම නව ජැටිය මඟින් එම මුහුදු තීරයේ ආරක්‍ෂක මුර සංචාර කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරන, ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් විජිත බණ්ඩාරනායක ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.