ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා (Michael Edward Appleton) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහඳ පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) මහතාද සහභාගී විය.