මහජන චීන ජනරජය මගින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ලබාදෙයි

මහජන චීන ජනරජය මඟින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් නිල වශයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත භාර දීම අද (2021 අගෝස්තු 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්තාව සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ ද සහභාගී වී සිටියහ.