ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට (2021 අගෝස්තු 17) ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නිල වශයෙන් භාරදීම අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

17 Aug 2021

‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිණන් කොමාන්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

17 Aug 2021

සායනික ඔක්ෂිජන් තොගයක් රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ

මෙරට රෝහල් තුල කොවිඩි 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් විය.

17 Aug 2021