ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසු සීජී 405 යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ප්‍රධාන අළුත්වැඩියාව (Major refit) සිදුකරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තුමේන්තුවට අයත් සීජී 405 යාත්‍රාව නැවත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තුමේන්තුව වෙත භාරදිම 2021 ජුනි 16 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උතුරු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් සීජී 405 යාත්‍රාවේ ප්‍රධාන අළුත්වැඩියාව 2019 ජූලි මස 22 වන දින ආරම්භ කර 2021 ජුනි මස 11 වන දින සාර්ථකව අවසන් කෙරිණි. උතුරු නාවික විධානයේදී ප්‍රථම වරට සිදුකළ මෙම ප්‍රධාන අළුත්වැඩියාවේ ප්‍රථම හා තෙවන අධියර විධාන දියත් ම‍ඟෙහි ද දෙවන අධියර ජැටියට යාබඳව වශයෙන්ද අධියර තුනක් යටතේ සිදු කෙරිණි.මෙහි ප්‍රධාන යනන්ත්‍රය ඇතුළු මෙහෙයුම් පද්ධතියේ සියළු විදුලි අළුත්වැඩියාවන් විධාන විදුලි හා විද්‍යුත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී.

අළුත්වැඩියාවෙන් පසු යාත්‍රාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය වරාය තුල සහ මුහුදේ 2021 මැයි 25 වන දින සිට 2021 ජුනි 06 වන දින දක්වා සිදුකල පරීක්‍ෂණ චාරිකාවන්ගෙන් අනතුරුව සීජී 405 යාත්‍රාව 2021 ජුනි 11 දින සිට ක්‍රියාකාරී තත්වයට පත් කරන ලදී. ඒ අනුව සීජී 405 යාත්‍රාව එහි අණභාර නිලධාරී වෙත නිළ වශයෙන් භාරදීම 2021 ජුනි මස 16 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති විසින් සිදු කෙරිණි.