නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 මැයි 20) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ධූරයෙහි කටයුතු කරන අතරතුර, 2021 මැයි මස 19 දින සිට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරුණු අතර ඊට අදාල පත්වීම් ලිපිය නාවික හමුදාධිපති විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත පිරිනැමීම අද (2021 මැයි 20) දින සිදු කෙරිණි.

ඒ අනුව, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුරට අමතරව නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් ද රාජකාරීන් සිදු කරනු ඇත.