උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2021 අප්‍රේල් 30) දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනමමින් උතුරු නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජේපී ප්‍රේමරත්න විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාර දීම සිදු කෙරිණි.