ගාලු කථිකාව 2021 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (2021 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එළිදක්වන ලදි.

‘Regional Maritime Security Initiatives for Global Stability and Shared Prosperity’ යන තේමාව පෙරදැරිව ශ්‍රීලංකා නාවික හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන 2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය, 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති අතර, එහි නිල වෙබ් අඩවිය අද නාවික හමුදාධිපතිතුමා විසින් එළිදක්වන ලදි.

galledialogue.lk , යන අන්තර්ජාල ලිපිනය (Web address) මඟින් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර, එමඟින් 2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය පිළිබඳ සියළුම විස්තරයන් සැකෙවින් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.