ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති දකුණු නාවික විධාන අඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Eric Lavertu) මහතා සහ දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර හමුවක් 2021 ජනවාරි 19 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ දකුණු නාවික විධානයේ ආඥාපති අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම හමුව සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ දකුණු නාවික විධානයේ ආඥාපති අතර සමරු තිළිණ හුමවාරුවක්ද සිදු කෙරිණි.