නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නව අණදෙන නිලධාරී ලෙස කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ 2021 ජනවාරි මස 15 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

මෙහිදී නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් තුසිත දුමින්ද විසින් නව අණදෙන නිලධාරී කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කල අතර, ආගමික වතාවත් වලට පුමුඛත්වයදී පැවති චාම් උත්සවයකින් අනතුරුව නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ 16 වන අණදෙන නිලධාරී ලෙස නිල වශයෙන් එතුමන් වැඩ භාරගන්නා ලදී.